Skip to main content

පුද්ගලික ඇදහිලි විස්වාස මැති මතාන්තර සමග වෛද්‍ය වරයාගේ අරගලය




වෛද්‍ය විද්‍යාව හදාරලා ආව වෛද්‍යවරුන් තමන්ගේ සායනික තීරණ ගනිද්දී පදනම් කරගන්නෙ විද්‍යාත්මක කරුණු පමණක් විය යුතුයි. නමුත් අවාසනාවකට 



ඒක එහෙම වෙන්නේ නැහැ. උපන්දා ඉඳලා ගොඩ නගා ගත්තු විස්වාස පද්ධතීන් , පුද්ගලික මති මතාන්තර බොහෝ විට අපේ තීරණ ගැනීමේ මග හරස් කරනවා. අවසානයේ අපි ඉදිරිපත් කරන නිර්දේශ වල තියෙන්නේ විද්‍යාත්මකව රෝගියාට සරිලන විදියේ ප්‍රතිකාරයක් / සැලැස්මක් වත් නිරපේක්ෂව ගෙන හැර දක්වන රෝගියා සතු options ටිකවත් නෙමේ. මම මගේ ඇදහීමට අනුව කරන නිර්දේශයක් පමණයි. පහත තියෙන්නේ මේකේ උපරිම ලෙවල් එකට ගියොත් වෙන්න පුළුවන් සමාජයේ හාස්‍යයට බඳුන් විය හැකි සිදුවීම් පෙළක්. මේවා මෙහෙමම වෙනවා කියනවා නෙමේ නමුත් යටි අර්ථයෙන් මේ වගේ “ විනිශ්චයන් “ වෛද්‍ය වරුන් අතින් සිදු නොවෙනවා නොවේ.


1. " පිස්සුද අවුරුදු තිස්පහෙන් ලූප් දාන්න? සිංහල ජාතිය බේරගන්න තව ලමයි දෙන්නෙක්වත් හදන්න... යන්න ගෙදර විකාර නැතුව." - බොදු බල සේනාවේ අනුගාමී වෛද්‍යවරයෙක් ලවා උපත් පාලන ක්‍රමයක් කරගන්න පැමිණි කාන්තාවකට

2. " මම යොහෝවගේ සාක්ශිකාරයෙක්. වෙන කෙනෙක්ගෙ ලේ තමන්ගෙ ශරීරයෙ දුවන එක පවක්. ඔයා කොච්චර ලේ වමනෙ දැම්මත් මට බෑ ඔයාට ලේ දෙන්න. වෙන රෝහලකට යන්න. " - යොහෝවාගේ සාක්ෂිකාර වෛද්‍යවරයෙක්

3. "කලින් බබාලා දෙන්නම සීසර් කරලා ගත්ත නිසා මේ සැරෙත් සීසර් කරලා තමා ගන්න වෙන්නෙ. ඊලඟ බදාදා සීසර් එක කරමු. හොඳ නැකතක් තියනවා එදාට. අවුරුදු ගාණකින් දකින්න ලැබෙන රාශි පිහිටීමක් තියනවා. අපි ඒවෙලාවටම කරමු. ඔයාගෙ කේන්දරෙයි මහත්තයගෙ කේන්දරෙයි ගෙනත් දුන්නොත් මම බබාව ඩිලිවරි කරන්න හරියටම නැකත හදලා දෙන්නම්. " - ජ්‍යෝතිශය තදට විශ්වාස කරන ප්‍රසව වෛද්‍යවරයෙක්.

4. "කිරිපණුවන්ට බේත් නම් තියනවා. ඒත් මම පන්සිල් රකින කෙනෙක්නේ. මම පණු බේත්, ඇන්ටිබයොටික් එහෙම දෙන්නෙ නෑ.. වෙන ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න.... එපා එපා එහෙම අකුසල් වලට මග පෙන්වන්නත් හොඳ නෑනෙ. ඔයා කැමති දෙයක් කරන්න. අනිත් දොස්තරලා නම් පණු බේත් දෙයි. ඔයාට මම කියපු ඒවා නිසා පණු බේත් ගන්න පෙලඹවීමක් ආවද?... අනේ නෑ නේද? නෑ... කියන්න. මට පවු නෑ නේද? අයියෝ මාව කන්ෆියුස් වෙලා ඉන්නෙ.. " - කිරිපණුගායට බෙහෙත් ගැනීමට පැමිණි රෝගියෙක්ට උපදෙස් දෙන පන්සිල් රකින වෛද්‍යවරයෙක්.

5. "අපි කරපු පරීක්ෂණ වලින් විශාල සැකයක් තියනවා ගර්භාෂයට පිටින් තමයි කළලය පිහිටලා තියෙන්නෙ. ඒ කළලයෙන් ලේ යන්න පටන් අරන්. ඒකයි මේ බඩේ වේදනාව. ඔපරේෂන් කරලා ඉක්මනින් ඒ කළලය ඉවත් කරන්න ඕනෙ. මම හොඳ කතෝලිකයෙක්. ඔය කළලයෙ ජීවිතයක් තියනවනේ. ඒ නිසා මට ඒක ඉවත් කරන්න බෑ. මම ඒ නිසා රෝගියාව වෙන රෝහලකට මාරු කරනවා." ගර්භාෂයෙන් පිටත කලලයක් (ectopic pregnancy) ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරන කතෝලික වෛද්‍යවරයෙක්.

6. " බබාව පරික්ශා කලා. කිසිම ප්‍රශ්නයක් නෑ. ගෙදර යන්න පුලුවන්. අපේ ආගමේ කියලා තියන විදියට සුන්නත් කලොත් පිරිසිදුකම හොඳටම තියාගන්න පුලුවන්. අපි ඔපරේෂන් එකක් කරලා බබාව සුන්නත් කරමු. මොකද කියන්නෙ? " අලුත උපන් බබාව සුන්නත් කිරීමට(circumcision) අනුබල දෙන ඉස්ලාම් භක්තික ළමා රෝග විශේෂඥයෙක්.


Comments

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

බාබර් කස්ටමර් සර්විස්

මේ දවස් වල කස්ටමර් සර්විස් ගැන ලියන නිසා මේ කතාවත් මතක් වුනේ. මේක ටිකක් කාලෙකට කලින් සිද්ධ වුන දෙයක්. දවසක් කොණ්ඩෙ කපා ගන්න ගියා.