Skip to main content

තාර පාටට?




ඒ කාලෙ ප්‍රොෆ් යුනිට් මෙඩිසින් කරන කොට ටැමිල් රෙජිස්ට්‍රාර් කෙනෙක් හිටියා.
ඔඳ මනුස්සයා. හැබැයි සද්දෙන් කතා කරන්නෙ. ලෙඩෙක් එක්ක කතා කරද්දි මුලුවාට්ටුවටම ඇහෙනවා. ටැමිල් නිසා සිංහල හොඳටම බෑ. වාක්‍ය පිටින් කටපාඩම් කරගෙන හිටියෙ.  දවසක් එයා anaemia තියන ලෙඩෙක්ගෙන් විස්තර ගන්නවා මහ හයියෙන්. ලෙඩාත් වැඩිය කන් ඇහෙන්නෙ නැති වයසක මනුස්සයෙක්. ඔය විස්තර අස්සෙ අහන්න ඕනෙ Malena ගැන.( කලු පාට ඇලෙන සුලු ලෙස මලපහ වීම. මෙහෙම වෙන්නෙ ආහාර මාර්ගයෙ ඉහල ලේ ගැලීමක් තියනකොටයි) මේක සාමාන්‍යයෙන් අපි අහන්නෙ "මලපහ වෙන්නෙ තාර වගේ ද කියලා"

රෙජිස්ට්‍රාර්ටත් මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න ඕනෙ. පොර හයියෙන් අර මනුස්සයගෙන් අහනවා " සීයා තාර.. පා..ටට වැසිකිලි යනවද...? "

ලෙඩාට හරියට ඇහුනෙ නෑ..

රෙජිස්ට්‍රාර් ආයෙ අහනවා

"තාර? තාර?? තාර පාටට වැසිකිලි යනවද? "

"අනේ නෑ සර් අපි කක්කුසියට තමයි යන්නෙ. පාරට යන්නෙ නෑ." අර මනුස්සයා උත්තර දුන්නා.

ලෙඩාට ඇහිලා තියෙන්නෙ තාර පාරට වැසිකිලි යනවද කියලා.

Comments