ප්‍රජාතන්ත්‍රවාදය වනාහි තව දුරටත් බහුතර "කැමැත්ත" නොවන ලෙසම ජනප්‍රියතාවය යනු තව දුරටත් බහුතර ජනයා අතර "ප්‍රියතාවය" ද නොවේ..
මේ පෝස්ට් එක
තේරුණාද නැද්ද දන්නෙ නෑ.. කියන්න අදහස් කලේ මේකයි...
අද වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය
කියන්නෙ මොකක්ද? අපි බහුතරයක්
විසින් අපිව නියෝජනය කරගන්න පත් කරගන්න පිරිසක්ද? ඔය තේරි පත්වෙලා ඉන්න අපි බහුතරයකගෙ සිතුම්
පැතුම් නියෝජනය කරනවද? බම්බුව...!
අපිව හසුරවන්න කට්ටියක්ව තෝරගන්න ඡන්දයක් තියනවා, අපි කැමැති වුනත් අකමැති වුනත් ගිහින් අපේ
ප්‍රතිචාරය පල කරලා එනවා. එතනදි අපේ ප්‍රතිචාරය මොකක්ද කියන එක තීරණය වෙන්නෙ
කිසියම් පැත්තක් ( පක්ශයක් හෝ පුද්ගලයෙක්) අපිව එයාලගෙ පැත්තට කොච්චර නම්මගෙනද
නැද්ද කියන එක මත. එතනදි සුලු කොටසක් die hard විදියට ඒ පැත්තට නැමිලා වෙන්න පුලුවන්,
නමුත් බහුතරයක්
නැමෙන්නෙ නිශ්ක්‍රීයව. වෙන කරන්න දෙයක් නැති කමට. සාපේක්ෂව හානිය අඩු අකැමැත්ත අඩු
පැත්ත තෝරාගැනීම. එහෙම බැලුවොත් අද වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ සක්‍රිය සුලු
කොටසක් විසින් නිශ්ක්‍රීය බහුතරයක් දිනාගැනීම/ නම්මා ගැනීම සහ ඒ ඔස්සේ ඔවුන්ගේ ප්‍රතිපත්ති
ක්‍රියාත්මක කිරීම කියන කාරණයට. ඡන්දෙ දීලා වැඩි කල් යන්න කලින් ඡන්දෙ දුන්න
මිනිස්සුම ආණ්ඩුවට බනින්නෙ ආයෙම උන් වගේම ටිකක් තෝරගන්නෙත් ඒ නිසා...
කලාව සහ එහි
ජනප්‍රියතාව කියන සංකල්පයත් ඔන්න ඔය වගේ.. ඇත්තටම බැලුවොත් ජනප්‍රියයි කියලා අද
වෙනකොට අදහස් කරන්නෙ බහුතරයක් දෙනා විසින් සක්‍රීයව කරන තෝරාගැනීම නෙමේ. සක්‍රිය
සුලුපිරිසකට නිශ්ක්‍රීය බහුතරය යටපත් වීම. දැනට මේ සක්‍රිය සුලුතරය නිර්මාණය
කරන්නෙ තනිකර ඒකාධිකාරයක් විසින්.. ඒ ඒකාධිකාරයෙ ඉන්නෙ ආයතන හිමිකරුවන් ( චැනල්/
නිශ්පාදකවරු) , තනතුරු
තානාන්තර වලට යටවුනු හෘද සාක්ශිය උගස් කල නිර්මානකරුවන් සහ බඩවියත රැක ගැනීම -
පවුල ජීවත් කිරීම උදෙසා රැල්ලට යන නිර්මාණ කරුවන්... ඔවුන් විසින් නිර්මාණය කරපු ඒ සිස්ටම් එක
රෙජිස්ටර් වීම ඔවුන්ටවත් වෙනස් කරන්න අපහසු තරමට ඔවුන් බොල් වෙලා. අපි යෝජනා කරන්නේ
දැන් වෙනත් සක්‍රිය සුලුතරයක් කියන කතාවටත් ඇහුම් කන් දෙන්න කියලා විතරයි.
අජිත්
කුමාරසිරි එක තැනක කියනවා "එයාලා නෙමේ අපියි ප්‍රධාන දහරාව"

Comments
Post a Comment