Skip to main content

දිශානතිය




දවසක් මම සේවය කරන ප්‍රදේශයේ පාසලක 9,10,11 ශ්‍රේණි වල සිසුන්ට නවයොවුන් විය හා ප්‍රජනක සෞඛ්‍යය ගැන දේශනයක් කරන්න ගියා.
ඒ දේශනය සකස් කරලා තිබුනේ අදියර දෙකකින්. පලමු අදියරේදී ප්‍රජනක සෞඛ්‍යය ගැන කරුණු පැහැදිලි කරලා දෙවන අදියරේදි නව යොවුන් වියේදී මුහුණ දෙන අභියෝග සහ ඒවාට මුහුණ දෙන ආකාරය ගැන පොඩි motivational speech එකක් (තෙලක් දුන්නා)  දේශනය අවසානෙ ප්‍රශ්න තියන ඒවා කොල කෑල්ලක ලියලා එවන්න කියලා උපදෙස් දුන්නා. ප්‍රශ්න ලියන අයව highlight වෙන එක වලක්වන්න හැමෝටම කොල කෑල්ල ගානෙ දීලා මොනවාමහරි ලියලා එවන එක අනිවාර්යය කලා.

දේශනය හොඳට ගියා. Power point මගින් තමයි දේශනය සකස් කරලා තිබුනේ. දෙවෙනි අදියර වඩා හොඳට තිබුනා. මම තෙල ගහන වැඩේට දස්සයා නිසා ඒ වැඩේ ලේසි උනා. නව යොවුන් වියේදි ඔවුන් මුහුණ දෙන අභියෝගයි, ජීවිතය සාර්ථක කරගන්න නව යොවුන් විය නිවැරදිව යොදා ගන්නෙ කොහොමද කියලා හොඳට පැහැදිලි කරලා දුන්නා. මේ නව යොවුන් වියේදී වැඩ කරන විදියෙන් ජීවිතයේ "දිශානතිය" තීරණය වෙනවා කියලා මම අවධාරණය කලා. කට්ටියට තෙල වැදුන බව මට මූණු වලින් පෙනුනා.

පැය දෙකක විතර දේශනයකින් පස්සෙ ප්‍රශ්න ටික එකතු කලා. නොයෙක් නොයෙක් වැඩි දෙනක් අහලා තිබුණේ එකම ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙ දැක්කම මාව කරකවලා අතඇරියා වගේ උනා..  ඒ ප්‍රශ්නෙ තමයි....
.
.
.
.
.
.
මොකක්ද ඩොක්ටර් "දිශානතිය" කියන්නේ??

Comments

  1. දෙයියෝ සාක්කි.. අර පැය ගානම අපරාදේ කියලා හිතුනද Doc?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මත්ද්‍රව්‍ය ගැනීම’අපරාධයක් ලෙස නොසලකන පෘතුගාලය

ඒ 80 දශකයයි. 70 දශකයේ අග භාගයේ පෘතුගාලයේ ආර්ථිකය විවෘත කිරීමත් සමග රට තුලට වේගයෙන් මුදල් ගලා ඒම සිදුවන්නට වුනා. වෙළඳාම දියුණු වුනා. සංචාරකයින් එන්නට පටන් ගත්තා. රට හිටි අඩියේම විශාල පරිවර්තනයකට ලක් වුණා.

වෛද්‍යවරයාගේ ආගම සහ ගබ්සා නීතිය

වෛද්‍යවරයාගේ ආගම සහ ගබ්සා නීතිය ගැන සාකච්ඡාවෙදි මම කාලයක් තිස්සෙ සංවාද කරන්න ආසාවෙන් හිටපු පොයින්ට් එකක් මතුවුනා. රෝගියෙක් සම්බන්ධ තීරණ ගැනීමේදී වෛද්‍යවරයාගේ ආගම හෝ කිසියම් පුද්ගලික මති මතාන්තරයක් කොතරම් දුරට අදාල කරගත යුතුද ?