සක්‍රිය ප්‍රජා
දායකත්වයෙන් ඩෙංගු රෝගීන් වෙන්කර මදුරු දෂ්ටනයෙන් වැලැක්වීම මගින් ඩෙංගු රෝගය පාලනය කිරීම - ආකෘතිය
මෙම ආකෘතියේ
අරමුණ වන්නේ දැනට කරගෙන යන ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමිව අලුත් වැඩසටහක් ලෙස ක්‍රියාත්මක
කිරීමට අවශ්‍ය මුලික කරුණු පැහැදිලි කර දීමයි.
මේ වනවිට
වසංගතය නිරීක්ෂණය කල විට පෙනෙන දෙයක් නම් ඩෙංගු වසංගතය හැසිරෙන්නේ මදුරුවන් මගින්
බෝවෙන රෝගයක් ලෙස නොව පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට බෝ වෙන ඉබෝලා වගේ රෝගයක් ලෙස
කියන එක. ( නමුත් ඇත්තටම බෝවෙන්න මදුරුවා ඕනේ. වසංගතයේ රටාව පමණයි වෙනස්.) ඉතින්
අපි වසංගතය පාලනය කරන්න ගන්න ඕනේ ක්‍රියාමාර්ග ඉබෝලා වැනි ලෙඩක් බෝ වෙන එක
වලක්වන්න ගන්න ක්‍රියාමාර්ග වලටත් සමාන වෙන්න ඕනේ. ඉබෝලා වගේ පුද්ගලයෙක්ගෙන්
පුද්ගලයින්ට බෝ වෙන්න පුළුවන් වසංගත පාලනය කරන්න නම් එක්කෝ ඒ වයිරස් එක මරන
බෙහෙතක් හොයාගන්න ඕනේ , එක්කෝ එන්නතක්
හොයාගන්න ඕනේ , එහෙම නැත්නම්
රෝගී අයයි නිරෝගී අයයි මිශ්‍ර වෙන එක නවත්වන්න ඕනේ. ඩෙංගු ගත්තම ඔය කියපු තුනෙන්
කරන්න පුළුවන් එකම එක “මිශ්‍ර වීම” නවත්වන එක. එක කරන්න පුළුවන් ඩෙංගු අසාදිත හෝ
ඩෙංගු යයි සැකසහිත අයව මදුරුවෝ කන එක වලක්වන එක. හොඳම ක්‍රමය එහෙම අයව අවදානම්
කාලය තුලදී නෙට් එකක් ඇතුලේ තියන එක. හරි ලේසියි. නමුත් දැනට රටේ එහෙම වැඩක්
පෙනෙන්නේ නෑ. මේ උත්සාහය උපරිම කාර්යක්ෂමතාවයෙන් ඒ වැඩේ කරන ආකාරය මොඩලයක් මගින්
පැහැදිලි කරන එක. මේක මොඩලයක් පමණයි. තම තමන්ගේ ප්‍රදේශ වලට , තියන සම්පත් වලට
ගැලපෙන විදියට මේක වෙනස් කරගන්න පුළුවන්.
මේ වැඩපිළිවෙල
ප්‍රධානවම පරිශ්‍ර දෙකක දියත් වෙන්න ඕනේ.
1. රෝහල් තුල
2. රෝහලෙන් පිටත ප්‍රජාව
තුල
අපි මුලින්ම
රෝහල තුල වැඩපිළිවෙල සලකා බලමු.
1. රෝහල් තුල ඩෙංගු පාලනය ------
දැනට රෝගීන්
විශාල ප්‍රමාණයක් රෝහල් වල සිටින නිසා එම රෝහල් ඩෙංගු වයිරසය පතුරවන ෆැක්ටරි
විදියට ක්‍රියාකරමින් සිටිනවා. මේ රෝගීන්ගේ රුධිරයේ වයිරස් සක්‍රියව සිටින නිසා
ඔවුන්ගෙන් ලේ බොන මදුරුවන් මගින් ඒවා වෙනත් අයට පතුරුවන්න පුළුවන්. විශේෂයෙන්
වෙනත් රෝග සදහා ප්‍රතිකාර ගැනීමට පැමිණි අයට , රෝගීන් ළඟ නැවතී සිටින අයට, රෝගීන් බලන්න පැමිණෙන
අයට, සහ
කාර්යමණ්ඩලයේ අයට මේ වයිරසය ඇතුළු වෙන්න හැකියාව වැඩියි. ඔවුන් මගින් විවිධ ප්‍රදේශ
වලට රෝගය පැතිරෙන්න පුළුවන්. ඒ නිසා රෝහල් ගතවන ඩෙංගු යැයි සැකකරන, තහවුරුකරගත්ත සියලු
දෙනා මදුරුවන්ගෙන් බේරා ආවරණය කර තැබීම අනිවාර්යයෙන් කලයුතුයි.
මුලින්ම ඩෙංගු
යැයි සැක හිතෙන රෝගීන් හඳුනා ගත යුතුයි. මෙය බාහිර ප්‍රතිකාර ඒකක (OPD) වල සිටම කල යුතුයි.
රජය මගින් දැනට බාහිර ප්‍රතිකාර ඒකක වලට නිර්දේශ කරලා තියන වැඩපිළිවෙලට සමගාමිව මේ
වැඩේ කල හැකියි. බාහිර ප්‍රතිකාර එකක වල
කල යුතු දේ මේ විදියට දක්වන්න පුළුවන්.
a) උණ ලක්ෂණ සහිතව එන රෝගීන්ගෙන් ඩෙංගු බවට සැක
කෙරෙන රෝගීන් සායනිකව හෝ පරීක්ෂණ මගින් හඳුනා ගැනීම
b) ඔවුන්ගේ පදිංචිය සේවා ස්ථානය වැනි තොරතුරු
ලබා ගැනීම. එම තොරතුරු සංචිතයකට (data base) ඇතුළු කිරීම.
c) එම රෝගීන්
කිසියම් ක්‍රමයකට සලකුණු කිරීම. (tagging). මේ සඳහා සැමවිටම ළඟ තබා ගැනීමට කාඩ්පතක්
වැනි යමක් දිය හැකියි. අරමුණ එවැනි රෝගියෙක් වැඩසටහනෙන් මගහැරීමට නොදී තබා
ගැනීමයි.
d) එම රෝගීන් වාට්ටුවක නතර කිරීමට අවශ්‍යද ,
නැත්නම් ගෙදර යවා
නිවසේ සිට ප්‍රතිකාර කලහැකි දැයි නිර්ණය කිරීම.
එසේ වාට්ටුවක
නේවාසිකව ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නම් එසේ යොමු කරන අතරම රෝගියාගේ තොරතුරු ඔහු
පදිංචි / රැකියාව කල ප්‍රදේශයේ ප්‍රජා සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට යොමු කරනවා. මේ
මධ්‍යස්ථානය ගැන පසුව කරුණු දැක්වේ.
වාට්ටු තුලදී
රෝගියාව පැය 24ම මදුරු දැල්
තුල තැබිය යුතුයි. අනෙක් රෝගීන් සහ කාර්ය මණ්ඩලය මදුරු විකර්ෂක භාවිත කල යුතුයි.
දිනපතා ධුමායනය සහ , රෝහල තුල
මදුරුවන් බෝවන තැන් විනාශ කිරීම කල යුතුයි. ඒ අතර රෝගියාගේ විස්තර ප්‍රජාව සමග
සම්බන්ධීකරණය වී ඇති දැයි රෝහල මගින් සොයා බැලිය යුතුයි. රෝහල තුල මේ සම්බන්ධීකරණය
(notification)සිදුවෙනවාදැයි
පරික්ෂා කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන යාන්ත්‍රණයට වඩා සවිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි.
රෝහල තුල ඩෙංගු සම්බන්ධිකරණ මධ්‍යස්ථානයක් ( hospital dengue surveillance
centre )ස්ථාපිත කිරීම මගේ
යෝජනාවයි.
බාහිර රෝගී
අංශයෙන් පරික්ෂා කරන ඩෙංගු බවට සැක සහිත රෝගියෙක්ට නේවාසික ප්‍රතිකාර අවශ්‍ය නැති
බවට තීරණය කලොත් ඔහුව නිවසේ සිට කරන ප්‍රතිකාර සඳහා යොමු කල හැකියි. නමුත් ඔහුගේ
තොරතුරු ප්‍රජාවේ සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට යොමු කර එමගින් නිවසේදී ඔහුව නිරන්තර
නිරීක්ෂණය කිරීම සිදු කල යුතුයි. (active community surveillance )
2. ප්‍රජාව තුලදී
රෝගියාව පාලනය කිරීම -------
ප්‍රජාවේ
සම්බන්ධිකරණ නියෝජිතයින් මගින් නිවසේදී ඔහුව බලාගන්නා ආකාරය පහත පරිදි කල හැකියි.
a) රෝගියා පැය 24ම මදුරු දැලක් තුලට වී
සිටීමට උපදෙස් දීම සහ එසේ කරනවාදැයි නිරීක්ෂණය කිරීම.
b)වෛද්‍ය වරුන්
නිර්දේශ කරන ප්‍රතිකාර නිවස තුලම සිදුකිරීම නිරීක්ෂණය කිරීම /මොනිටර් කිරීම.
c)නිවැසියන් හා
අසල්වාසීන්ට මදුරු විකර්ෂක භාවිතයට උපදෙස් දීම, ඒවා නිරීක්ෂණය කිරීම.
d)ඒ අසල
මදුරුවන් බෝවන තැන් නිරන්තරයෙන් පරික්ෂාකර බලා ඒවා විනාශ කිරීම. නිරන්තර ධුමායනය
කිරීම.
e) රෝගියාව
නිරන්තරයෙන් රුධිර පරීක්ෂණ වලට යොමු කිරීම සහ වෛද්‍යවරයෙකු ලවා පරික්ෂාකර වාට්ටුවක
නවත්වා ප්‍රතිකාර කිරීමට අවශ්‍යද කියා නිර්ණය කිරීම.
f) ඔහුගේ නිවසේ
සිටින අයට සහ අසල නිවෙස් වල සිටින අයට සැක සහිත රෝග ලක්ෂණ මතු වේදැයි සෙවිල්ලෙන්
සිටීම. එසේ ලක්ෂණ මතු වුව හොත් ඔවුන්ව මුල සිටම මදුරු දැල් තුල තබා අවශ්‍ය වෛද්‍ය
උපදෙස් වලට යොමු කිරීම.
මෙහිදී සඳහන්
වුන සංකල්ප කිහිපයක් විස්තර කරන්නම්.
1.Active Community Surveillance
සිංහල
අර්ථයෙන් “සක්‍රියව ප්‍රජාව නිරීක්ෂණය කිරීම” වගේ එකක් ගන්න පුළුවන්. මේකෙන්
කියන්නේ “රෝගියා සෞඛ්‍ය සේවාව හොයාගෙන එනකම් ඉන්නේ නැතුව සෞඛ්‍ය සේවාව රෝගියාව
හොයාගෙන යන එක ගැනයි”.ඩෙංගු රෝගයට අදාලව ගත්තම මේ සංකල්පය යොදාගන්නේ රෝග ලක්ෂණ
මතුඋන කෙනෙක්ගෙන් අනිත් අයට බෝනොවී ඒ අයව
බේරගැනීම සහ ඒ මාර්ගයෙන් අවධානම් අයව
හඳුනාගෙන නිරීක්ෂණය කරලා රෝග ලක්ෂණ
මතුවෙනකොටම ප්‍රතිකාර වලට යොමුකිරිම කියන කරනා ටික සඳහායි. මේ දේවල් කරන්න රෝහලේ
සම්බන්ධිකරණ මධ්‍යස්ථානය ( Hospital Dengue Surveillance Cente ) සහ ප්‍රජා සම්බන්ධිකරණ
මධ්‍යස්ථානය(Community Health Surveillance Cente ) කියන ව්‍යුහ දෙක අවශ්‍යයි.
2. Hospital Dengue
Surveillance Cente (රෝහල් ඩෙංගු
සම්බන්ධිකරණ මධ්‍යස්ථානය)
මේ මධ්‍යස්ථානය
මගින් කෙරෙන්න ඕනේ රෝහල එන ඩෙංගු බවට සැක කරන රෝගීන්ගේ විස්තර එකතු කරලා ඒවා ප්‍රජා
මධ්‍යස්ථානයට ලබා දෙන එක. මේ දත්ත එකතු කරන එක බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයෙන් සහ
වාට්ටු යන දෙකෙන්ම කල යුතුයි. දැනට අඩු වැඩි වශයෙන් notification හරහා මේ වැඩේ කෙරෙනවා.
නමුත් වාට්ටු වල තියන වැඩ නිසා ඒ කාර්යය අතපසු වෙන්න පුළුවන්. මෙහෙම මධ්‍යස්ථානයක්
මගින් ඒ වැඩේ කලොත් වාට්ටුවේ අයටත් පහසු වගේම බාහිර රෝගී අංශයේ සැක සහිත ලෙඩුන්ගේ
විස්තරත් ගන්න පුළුවන් වෙනවා. මම යෝජනා කරන්නේ මේ මධ්‍යස්ථානය රෝහලේ සියල්ලන්ගේම
සහභාගිත්වය ඇතුව කරගෙන යන්න කියලයි. මෙම
කාර්යයට අමතරව ඩෙංගු සම්බන්ධයෙන් දත්ත අවශ්‍ය වෙනත් ආයතන වලට යොමු කිරීම, වාට්ටු වල පවතින අවශ්‍යතා
පියවා ගැනීමට අවශ්‍ය සම්බන්ධිකරණයන් සිදුකිරීම ආදියත් මේ මධ්‍යස්ථානය මගින් කරන්න
පුළුවන්.
3. Community Health
Surveillance Cente (ප්‍රජා ඩෙංගු
සම්බන්ධිකරණ මධ්‍යස්ථානය.)
මෙය ප්‍රදේශයේ
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) මුලික කරගෙන කරගෙන පවත්වාගෙන යන්න පුළුවන්. මධ්‍යස්ථානය
යනුවෙන් හැඳින්වුවට මේක යම් ප්‍රදේශයක රෝහල් කිහිපයක් වටා සකස්වුණ මධ්‍යස්ථාන
ජාලයක් වශයෙන් ක්‍රියා කල යුතුයි. MOH එක සියල්ල සම්බන්ධීකරණය කල යුතුයි. ක්ෂේත්‍රයේ වැඩකටයුතු
සඳහාPHI නිලධාරීන් සහ
පවුල් සෞඛ්‍ය නිලධරීන් (midwife) යොදා ගන්න පුළුවන්. ඔවුන් ප්‍රමාණවත් නැත්නම් හෝ
කාර්යක්ෂමව යොදවන්න නොහැකිනම් ඒ සඳහා ගම මට්ටමින් ප්‍රජා නියෝජිතයින් ( ග්‍රාමසේවක,
ගොවිනියමක, දිවි නැගුම නියෝජිතයින්,
සමිති සමාගම් ආදිය )
යොදා ගන්න හැකියාව තියනවා. මගේ පුද්ගලික අදහස නම් ප්‍රජාවේ නියෝජිතයින් මේ කාර්යයට
සංවිධානය කරගන්න එක වඩා ඵලදායි කියා. හේතුව ඒ මාර්ගයෙන් අපිට මේ පණිවුඩය වඩා
කාර්යක්ෂමව ජනතාව වෙත ගෙනියන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය නිලධාරීන් මගින් නියාමනයක්
සහ සමාලෝචනයක් සිදුවිය යුතුයි.
ප්‍රධාන ප්‍රජා
මධ්‍යස්ථානයට ඩෙංගු බවට සැක සහිත රෝගියෙක් ගැන විස්තර ලැබුනම ඒවා හැකි ඉක්මනින්
රෝගියා පදිංචි ප්‍රදේශයේ සහ සේවා ස්ථානය තියන ප්‍රදේශයේ ශාඛා නියෝජිතයින්ට යැවිය
යුතුය. එහි නියෝජිතයින් රෝගියාගේ ප්‍රදේශයට ගොස් පහත දේවල් කලයුතුය.
a) රෝගියා රෝහල්
ගත වී ඇත්නම් රෝගියාගේ පවුලේ අය, අසල්වාසීන්, රැකියා ස්ථානයේ අයව දැනුවත් කල යුතුයි. එසේ දැනුවත් කල
යුත්තේ ඔවුන්ටත් උණ ලක්ෂණ මතු වුනොත් නිවසටම වී මදුරු දැලක් තුල සිටින ලෙසටයි.
b) රෝගියා රෝහල්
ගත නොවී නිවසේ සිටම කරන ප්‍රතිකාර වලට යොමු කර ඇති නම් , ඔහු පැය 24ම මදුරු දැලක් තුලටම වී සිටීද කියා සොයා
බැලිය යුතුයි. පවුලේ අයට සහ අසල්වාසීන්ට
පෙර සඳහන් කර ඇති උපදෙස් එලෙසම ලබා දිය යුතුයි.
c) රෝගියාගේ
පවුලේ අයට සහ අසල්වාසීන්ට උණ ලක්ෂණ මතුවේද කියා නියෝජිතයින් විසින් පුද්ගලිකවම
නිරන්තර පරික්ෂාවේ යෙදිය යුතුය.
d) ඒ අවට
මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමට සහ දුම් ගැසීමේ කටයුතු මෙහෙයවිය යුතුය.
ඉහත
දැක්වෙන්නේ මොඩලයක් පමණි. මේ මොඩලය ඒ ඒ ප්‍රදේශ වලට , තමන් සතු සම්පත් ප්‍රමාණය අනුව වෙනස් කරගන්න
පුළුවන්.
මෙහි ප්‍රධානම
අභියෝගය තියෙන්නේ ආයතන මට්ටමෙන් වැඩසටහනක් දියත් කර ගන්න ආයතන ප්‍රධානින් ඇතුළු
වගකිව යුතු අංශ උනන්දු කිරීමෙයි. ඒක කරන්න පුලුවන වෙන්නෙත් සංකල්පයක් විදියට මේ
අදහසේ තියන සරුසාර බව පෙන්වලා දීමෙන්ම පමණයි. එසේ උනන්දු කිරීම සඳහා විද්‍යාත්මක
කරුණු අවශ්‍ය උනොත් ඒවා අපිට සපයන්න පුළුවන්.
වැඩි පිරිසක් එක්ක මේ අදහස බෙදා ගත්තොත් වැඩේ ලේසියි. ආයතන මට්ටමෙන්
සාකච්ඡා කරලා, එතනින් වැඩේ
පටන් ගන්න. ඊට පස්සේ ආයතනයෙන් පිට අයත් එක්ක කතා කරලා ඒ සංවිධාන කටයුතු කර ගන්න.
මේකට ලොකු ප්‍රතිපාදන
අවශ්‍ය වෙන්නේ නෑ. ආණ්ඩුව වැඩ නෑ කියලා බැන බැන ඉන්න එකෙනුත් වැඩක් නෑ. ප්‍රති
පාදන නෑ කියලා නොකර ඉන්නත් එපා, තියන සම්පත්
වලින් උපරිම වැඩ ගන්න. ස්වේච්ඡාවෙන් වැඩ කරන්න, අවශ්‍ය ආධාර කරන්න මිනිස්සු පෙළ ගැහිලා
ඉන්නේ. අවශ්‍ය අපේ සංවිධානය ශක්තිමත් කරගන්න එකයි.
වැදගත්ම කරණය
නම් දැනට යන ඩෙංගු මර්දන වැඩසටහන් නවත්වන්න එපා. ඒකට බලපෑමක් නැතුව මේ අලුත්
වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරියට කලොත් මේ වැඩෙන් දැනට කෙරෙන මර්ධන
වැඩසටහන තව ශක්තිමත් වෙනවා.
#dengue2017 #dengue _2017

Comments
Post a Comment