වෛද්‍යවරයාගේ
ආගම සහ ගබ්සා නීතිය ගැන සාකච්ඡාවෙදි මම කාලයක් තිස්සෙ සංවාද කරන්න ආසාවෙන් හිටපු
පොයින්ට් එකක් මතුවුනා.
රෝගියෙක්
සම්බන්ධ තීරණ ගැනීමේදී වෛද්‍යවරයාගේ ආගම හෝ කිසියම් පුද්ගලික මති මතාන්තරයක්
කොතරම් දුරට අදාල කරගත යුතුද?
රෝගියාගේ
කිසියම් හෝ කාරණයකදි ඒ සඳහා අවශ්‍ය විසඳුම් දීමේදී මූලිකම පාර්ශවකරුවා විය යුත්තේ
අන් කිසිවෙකු නොව රෝගියා යි. වෛද්‍යවරයා හුදෙක් මග පෙන්වන්නා විතරයි. බටහිරේදි
රෝගියා/patient කියන වචනෙ
වෙනුවට Client / සේවාදායකයා
කියන වචනෙ පාවිච්චි වෙන්නෙ ඒ නිසා. රෝගියා එතරම් බලවත්. ඊනියා ස්වරූපයක් ගන්න euthanasia නොහොත් තමන්ගේ ජීවිතය
නැති කරගැනීමේ තීර්ණය ගැනීමේ බලය පවා රෝගියාට දීම වැනි කාරණාත් ඇතැම් රටවල් වල ක්‍රියාත්මක
දෙන්නෙ ඒ රටවල් වල සෞඛ්‍ය ක්‍රම තුල රෝගියා එච්චරට බලවත් නිසා.
අපේ ක්‍රමය
ඇතුලේ තත්ත්වය වෙනස්. වෛද්‍ය විද්‍යාලයේදී professionalism ගැන කොච්චර ඉගැන්නුවත්
වෛද්‍ය වෘත්තියට ඇතුල් උනාම අපි කවුරුත් හැසිරෙන්නෙ ඒ උගන්වන විදියට නෙමෙයි. ගොඩක්
වෙලාවට අපේ තීරණ govern වෙන්නෙ
රෝගියාගෙ නිදහස අනුවවත්, නිරපේක්ෂ වෛද්‍ය
විද්‍යාත්මක කාරණා අනුවවත් නෙමෙයි, අපේ පුද්ගලික මති මතාන්තර අනුව. මේ කතාකරන මටත් ඒක
පොදුයි. ඒක කොහොම උනාද කියලා හොයනවට වඩා ඒක වෙනස් කරන්නයි උත්සාහ කරන්න ඕනෙ. ගබ්සා
නීතිය ගැන සාකච්ඡාව මේ පැත්තට හරවන්න ඕනෙ ඒ නිසයි. වෛද්‍යවරයාව වෘත්තියේදි සිය
පුද්ගලික මතිතාන්තර ගලවාගැනීමේ මෙහෙයුමක් අවශ්‍යයි. ඒක අමාරු වැඩක්. ලංකාව වගේ
ආගම් ඇදහිලි විශ්වාස සිරිත් විරිත් දේශපාලන අදහස් ඔලුව උඩ තියන් ඉන්න රටක මේක
කරන්න අමාරුම වැඩක්.
මූලිකම දේ
එහෙම මති මතාන්තර වලින් තීරණ ගනිද්දි ඒ ගැන insight එකක් ගොඩ නගා ගන්න එක. උදාහරණයකට ගබ්සාවට
එරෙහිව අදහස් දක්වන ගොඩක් වෛද්‍යවරු ගෙන එන තර්ක වෙන්නෙ බයිබලයෙ තියන කාරණා නෙමේ.
කලලයෙත් ජීවියෙක් ඉන්නවා ඒ මරන්නෙත් මනුස්සයෙක් වගේ අදහස්, නමුත් ඔවුන්ගේ ඇත්ත drive
එක ආගම. ඒක වහගෙන බොරු
හේතු දානවා. මේ තමුන්ටම බොරු කරගැනීම මුලින්ම නවත්වගන්න ඕනෙ. ඊට පස්සෙ හැදෙන්න
ලේසියි.
හොඳින්ම මතක
තියාගන්න ඕනෙ වෛද්‍යවරු හැටියට අපි මේ තීරණ ගන්නෙ වෙනත් කෙනෙක් ගැන කියලා. ඒක ඒ
පුද්ගලයගෙ ජීවිතය. ඒ ජීවිතය අයිති එයාට විතරමයි. එයා හොඳ සිහියෙන් සිටිනවා නම්
මොනතරම් අඩු අධ්‍යාපනයක් ලබපු කෙනෙක් උනත් ඒ ශරීරය ගැන තීරණ ගැනීමේ සම්පූර්ණ
අයිතිය හිමි එයාට විතරමයි. අපේ පුද්ගලික මතිමතාන්තර තියා වෛද්‍ය විද්‍යාත්මක කරුණු
මත පදනම් වෙලාවත් ඒ ස්වාධීනත්වයට ඉහලින් යන අධිකාරී බලයක් වෛද්‍යවරුන්ට නැහැ. අපි
නිකම් මග පෙන්වන්නො විතරයි.
ආයෙ පටල ගන්න
එපා.. මම මේ කියන්නෙ ගබ්සා නීතිය ගැනම නෙමේ.

Comments
Post a Comment