මේ දවස් වල
දකුණු පලාත් වල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වයිරස් රෝගය නිසා කුඩා ලමුන් ඇතුලු දහතුන්
දෙනෙක් මිය ගොස් ඇති බවට අසන්නට ලැබෙනවා. මාධ්‍ය මගින්
නිරන්තරයෙන් "දකුණු
පලාත තුල" කියමින් එම රෝගය දකුණු පලාතට සීමා කරමින් තිබෙනවා. මේ නිසා මහජන
අවධානයද දකුණු පලාත කෙරෙහි පමණක් සීමා වෙලා. තමන්ගේ පලාතට අවදානමක් නැතැයි යනුවෙන්
සිතීමට පුලුවන්.
නමුත් එක අතකින්
බැලුවොත් වඩා අවධානයෙන් සිටිය යුත්තේ පිට පලාත් වල සිටින අයයි. තමන්ගේ පලාතට මෙම
වයිරසයට එන්න නොදී තබා ගන්න හැමෝම වග බලා ගත යුතුයි.
වයිරසය
පැතිරෙන්නෙ කොහොමද?
වයිරසය බෝ
වෙන්නේ වාතය හරහා.. එහෙම කියලා කීවට හුලඟම නෙමේ. වයිරසයට පියාඹගෙන යන්න පුලුවන්
වගේ අදහසක් එනවා. නමුත් ඇත්තටම එහෙම නෙමේ. වයිරසය ආසාදිත කෙනෙක් කහින විට කිවිසුම්
යවන විට ඔහුගේ කෙල හෝ සෙම් සොටු බිඳිති සමග වයිරසය වාතයට මුසු වෙනවා. එම බිඳිති
වෙනත් කෙනෙක්ගේ නාසය හෝ මුඛය අසල තැම්පත් වෙලා හුස්ම ගන්නා විට ඔහුගේ ස්වසන
මාර්ගයට ඇතුලු වෙන්න පුලුවන්. නමුත් මෙ සඳහා පුද්ගලයින් දෙදෙනෙකු යම් ප්‍රමාණයකට
කිට්ටුවෙන් සිටිය යුතුයි. මීට අමතරව ආසාදිත කෙනෙක් සෙම් සොටු කෙළ හරහා තමන්ගේ අත්
වල තවර ගන්න වයිරසය වෙනත් පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙනුත් සම්ප්‍රේෂණය කරන්න පුලුවන්.
උදාහරණයක් කිව්වොත්, මම වයිරසය
ආසාදනය වුන කෙනෙක් නම් මම කිවිසුම් යවද්දි වයිරසය මගේ අතේ තැවරෙන්න පුලුවන්. මම ඒ
අතින් මේසයක් අල්ලලා තවත් කෙනෙක් ඒ තැනම ඇල්ලුවොත් වයිරසය ඔහුගේ අතටත් , ඔහු නාසය ඇල්ලුවොත්
නාසය හරහා ඔහුගේ ස්වසන මාර්ගයටත් අවශයෙන් වයිරසය සම්ප්‍රේෂණය වෙන්න පුලුවන්.
Patient Zero
Patient Zero කියන්නෙ
පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට වැලඳෙන රෝගයක් යම් ප්‍රජාවක් තුලට ගෙනෙන පලමු රෝගියා
විදියටයි සැලකෙන්නෙ. යම් ක්‍රමයකින් ඒ පුද්ගලයා හඳුන ගන්න පුලුවන් නම් ඔහුගෙන්
එහාට රෝගය පැතිරෙන එක වලක්වාගන්න පුලුවන්.
Patient Zero මේ වෙලාවෙ
ලංකාවට වැදගත් වෙන්නෙ කොහොමද?
මේ දවස් වල
දකුණු පලාතෙ වයිරස් රෝගයක් පැතිරෙන බවටත් යම් ප්‍රමාණයක් මියගොස් තිබෙන බවත්
කියවෙනවානෙ. නිශ්චිත වසංගත තත්වයක් ප්‍රකාශ කරලා නොතිබුණත්
එහෙම අවදානමක්
නැතැයි බැහැර කරන්න බෑ. මේ වෙලාවෙ මාධ්‍ය වලින් කරන වැරදි වැඩක් තියනවා. ඒ තමා මේ
රෝගය සම්බන්ධව "දකුණු පලාත" කියන කාරණය ඉස්මතු කරන එක. දකුණු පලාත තුල
පැතිර යන, දකුණු පලාතේ
පෙරපාසල් වසාදැමේ යනාදී වශයෙන්... මේ හේතුවෙන් අනෙක් පැතිවල අය යම් අස්වැසිල්ලක්
ලබන බවයි මගේ නම් අදහස. "ආ අපි නම් වෙන පලාතකනෙ".
නමුත් මේ
වයිරසය අනෙක් පැති වලට පැතිරීමේ අවදානමක් තියනවා. එසේ පැතිරෙන එක අවම කරන ක්‍රමය
තමා අනෙක් පලාත් වල අය තමන්ගෙ පලාතෙ patient zero ව හඳුනා ගැනීම. හඳුනගෙන ඔහුගෙන් හෝ ඇයගෙන්
එහාට වයිරසය සම්ප්‍රේෂණය වෙන එක වලක්වා ගැනීම.
ඔබේ පලාතේ patient
zeroව හඳුනා ගන්නේ කොහොමද?
ඔබට සෙම්ප්‍රතිශ්‍යාව
සහ උණ ලක්ෂණ තිබෙනවා නම් ඔබේ පලාතේ patient zero ඔබ විය හැකියි. ඔව්... ඔබ විය හැකියි. දකුණු
පලාතේ වයිරසය ඔබේ පලාතට රැගෙන එන වාහකයා ඔබ විය හැකියි. එම නිසා ඔබෙන් එහාට වයිරසය
යා නොදී තබා ගැනීම, ඔබේ පලාතේ
වයිරසය පැතිරීම පාලනය කිරීම ඔබට බාරයි.
එය කරන්නේ
කොහොමද?
ඔබට උණ සහිතව
හෝ රහිතව සෙම්ප්‍රතිශ්‍යාව හෝ කැස්ස තිබෙනවා නම් එය පැතිරීම වැලැක්වීමට සරල උපක්‍රම
පාවිච්චි කරන්න. දැන් සාමාන්‍ය ජනතාව මේ දේවල් දන්නවා. නමුත් කල යුත්තේ වෙනදාට වඩා
වගකීමෙන් ඒවා අනුගමනය කිරීමයි කහින හෝ
කිවිසන විට සැම විටම ලේන්සුවක් භාවිතා කරන්න. ලේන්සු සහ ටිෂූස් නිරතුරුව බැහැර
කරන්න. ඔබට හෝ නිවසේ කෙනෙක්ට සෙම්ප්‍රතිශ්‍යාව තිබෙනව නම් හෝ නිරන්තරයෙන් සබන් යොදා අත සේදීම සිදු කරන්න.
ආසාදිතයින්ට පිඟන් කෝප්ප තුවා ආදිය වෙන වෙනම තබන්න. උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන
අය හැකි උපරිමයෙන් සෙනග ගැවසෙන ස්ථාන මග හරින්න. මේ කරුණු දකුණු පලාතට සීමා කරන්න
එපා. එක අතකින් දකුණු පලාතට වඩා අනෙක් පැති වල අයයි මේ ආකාරයෙන් ආරක්ශා විය
යුත්තේ..

Comments
Post a Comment