Skip to main content

මත්ද්‍රව්‍ය සම්බන්ධ විශ්ව නීති 03


මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් සටනක් ගෙන යන ඕනෑම කෙනෙක් අවබෝධ කර ගත යුතු කරුණු තුනක් තිබේ.


1. ලොව හොඳ මත්ද්‍රව්‍ය නරක මත්ද්‍රව්‍ය කියා දෙවර්ගයක් නැත. ඇත්තේ කෙනෙක් මත්වීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක් සමග ඇතිකර ගන්නා  හිතකර සහ අහිතකර සම්බන්ධතා දෙවර්ගයක් පමණි.

2. යමෙක් මත්ද්‍රව්‍යයක් සමග අහිතකර සම්බන්ධතාවක් ඇතිකර ගැනීම පිටුපස සැඟවුණු කාරනා බොහොමයක් තිබිය හැක. එය හුදෙක් නීති රාමුව තුල හෝ සෞඛ්‍යමය කරුණු අනුව විග්‍රහ කල නොහැක. ඔබ හා මම කන,බොන දෑ, අඳින පළඳින දෑ, කරන රැකියාව, ලබා ඇති අධ්‍යාපනය ආදිය සරල රාමුවක් තුල විස්තර කල නොහැක්කා සේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක්ගේ ඒ පුරුද්දද සරලව විස්තර කල නොහැක.

3. ලොව කිසිදු මත්ද්‍රව්‍යයක් සහමුලින්ම විනාශ කල නොහැක.

මේ කරුණු වටහා නොගන්නා කිසිදු සටනකින් මත්ද්‍රව්‍ය සමග බැඳුනු සමාජ, සෞඛ්‍ය ගැටළු වලට විසඳුම් නොලැබෙනු ඇත.

Comments

Post a Comment

Popular posts from this blog

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මත්ද්‍රව්‍ය ගැනීම’අපරාධයක් ලෙස නොසලකන පෘතුගාලය

ඒ 80 දශකයයි. 70 දශකයේ අග භාගයේ පෘතුගාලයේ ආර්ථිකය විවෘත කිරීමත් සමග රට තුලට වේගයෙන් මුදල් ගලා ඒම සිදුවන්නට වුනා. වෙළඳාම දියුණු වුනා. සංචාරකයින් එන්නට පටන් ගත්තා. රට හිටි අඩියේම විශාල පරිවර්තනයකට ලක් වුණා.

වෛද්‍යවරයාගේ ආගම සහ ගබ්සා නීතිය

වෛද්‍යවරයාගේ ආගම සහ ගබ්සා නීතිය ගැන සාකච්ඡාවෙදි මම කාලයක් තිස්සෙ සංවාද කරන්න ආසාවෙන් හිටපු පොයින්ට් එකක් මතුවුනා. රෝගියෙක් සම්බන්ධ තීරණ ගැනීමේදී වෛද්‍යවරයාගේ ආගම හෝ කිසියම් පුද්ගලික මති මතාන්තරයක් කොතරම් දුරට අදාල කරගත යුතුද ?