මධ්‍යධරණී කලාපය කියන්නේ ඊටම අනන්‍ය වූ ගති ලක්ෂණ පවතින සුන්දර ප්‍රදේශයක්. මධ්‍යධරණී මුහුද කේන්ද්‍ර කරගත් මේ කලාපය ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය යන මහද්වීප සියල්ලේම නියෝජනයක්. ප්‍රමුඛ රටවල් විදියට ග්‍රීසිය, ඉතාලිය, තුර්කිය, ක්‍රෝඑශියාව, ස්පාඥ්ඥය, ප්‍රංශය, වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. මේ කලාපයට අනන්‍ය වන ලක්ෂණය වෙන්නේ මෙහි භූ විෂමතාවය සහ දේශගුනයයි. දකින දකින තැන කඳුපන්ති සහ සානු වලින් ගහණ අතර මුහුදු වෙරළවල් වල පවා වැඩිපුර දකින්නට ඇත්තේ කඳු සහිත පරිසරයක්. වැඩිපුරම ඔලිව් ශාකය දක්නට තිබෙනවා. බැටළුවන් වැනි සත්ව පාලනය සුලබයි. වසරේ දේශගුණය මදවැසි සහිත ශිත සෘතුවක් සහ වියළි, උණුසුම් ගිම්හානයකින් යුක්තයි. මේ ලක්ෂණ වලින් මවාපාන්නේ හැම අතකින්ම සෞම්‍ය පරිසරයක්. මෙසේ දේශගුනිකව සෞම්‍ය පරිසරයක් තිබීම නිසාත් ග්‍රීක , රෝම, සහ මිසර යනාදී පුරාතන ශිෂ්ටාචාර ගණනාවක අභාෂය ලබා තිබීමත් නිසා මධ්‍යධරණී කලාපයේ මිනිසුන්ගේ සංස්කෘතිය විවිධාකාරයෙන් පෝෂණය වී තිබෙනවා. මෙයිනුත් අද ලෝකයේ වැඩි අවධානයක් යොමුවෙලා තිබෙන්නේ මෙම කලාපයේ මිනිසුන්ට උරුම කම් කියන “මෙඩිටරේනියන් ඩයට්” ( Mediterr...