Skip to main content

නොනැසී තිබෙන සිංහල වචන




කවදා හෝ මිහිමත සියලු ජීවීන් විනාශ වී ගොස් ලෝකය අවසාන වන දිනයක ඒ අවසාන මොහොත දක්වා නොනැසී තිබෙන සිංහල වචන කුමක් විය හැකිද?
ගල්තලා මත කොටා තිබෙන ශිලා ලිපිද? සීගිරි කුරුටු ගීද? රන්පත් ඉරු වල සටහන් කර ඇති අකුරුද? එහෙමත් නැත්නම් ඈත විශ්වයේ කොනක ඔහේ පාවෙමින් යන වොයෙජර් යානයේ තැටිගත කර ඇති ආයුබොවන් යන වචනයද?

නැත මිත්‍රවරුනි. ඒ කිසිවක් නොවේ. කවදා හෝ මිහිමත නොනැසී ඉතිරිවන අවසන් සිංහල වචන කිහිපය නම් ගුවන් විදුලියේ විකාශය වන පහත දැක්වෙන  වෙලඳ දැන්වීමයි.

"නුගේගොඩ සව්සිරියෙන් පිරි සව්පිරි.... පප්පා..පා...පා.. ඔබට අවශ්‍ය සියලු ගෘහවිදුලි උපකරණ රූපවාහිනී , විදුලිපංකා පහසු මිලට නුගේගොඩ සව්පිරි වෙලඳ සලෙන්"

(අහලා තියන උන් දන්නවා ආතල් එක)

Comments

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මේ රට මගෙ රට

" මේ රට මගෙ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවු රට" මට සාමාන්‍යයෙන් දේශාභිමානී ගී දිරවන්නෙ නෑ...