කතා නායකයා -
හර්ෂණ, අපි ආදරේට
කියන්නෙ .... එක්කො ඕනෙ නෑ. මූත් ආතල් කැරැක්ටර් එක. හිත හොඳයි. නිදාගන්න රුසියා.
ඇහැරිලා ඉන්නත් රුසියා... නාසිගුරන් මරුවා. දක්ෂ පිතිකරුවෙක්.
ස්ටඩි ලීව් එකේදි
දවසක් එලියෙ පාඩම් කරන අයට ස්විච් (දන්නෝ දනිති ) අවශ්‍යතාවයක් ආවා. ඒවා ගන්න
ටවුමටම යන්න ඕනෙ. බයික් එකක් අරන් ටවුන් යන්න හදනකොටම හර්ෂනයත් බයික් එක ස්ටාට්
කරගෙන කොහෙදෝ යන්න හදනවලු. වෙලාව රෑ එකොලහට විතර. බලනකොට බඩගින්නක් ඇවිත් නයිට්
කඩේට යන්න කන්න මොනවා හරි ගේන්න යන්න හදන්නේ. ඒ ගමන්ම ස්විච් වැඩේත් කර ගන්න
පුලුවන් නිසා මූට කිව්වලු මචන් එන ගමන් ස්විච් තුනක් අරන් වරෙන් කියලා. අරූත් හා
කියලා ගියාලු.
දැන් මූ
ගිහින් පැයකට විතර පස්සෙ ආවලු. මූ එනකම් ස්විච් බඩගිනි කාරයො ටික මග රැකලා ඉන්නවලු
අල්ල ගන්න. ඇවිල්ලා බයික් එක නවත්තන ගමන් හර්ෂනයව වටකර ගත්තා.
"කෝ බන් අරවා
ගෙනාවද?"
හර්ෂණ -
"නෑ බං කොහේවත් නෑ. අනික කඩවල් ඔක්කොම වහලා බං. යන්තම් මාකට් එකේ එක සිල්ලර
කඩයක් වහන්න ඔන්න මෙන්න තියලා සෙට් කරගත්තා.. ඒකෙත් ස්විච් නෑ. "
උඹ නයිට් කඩේ
බැලුවද?
හර්ෂණ -
"නයිට් කඩේ කොහෙන්ද බං ස්විච් ! මේ මහ රෑ ඉලෙක්ට්‍රික් බඩු කඩ ඔක්කොම වහලා.
තොපිට පිස්සුද මේ වෙලාවෙ ස්විච් හොයන්නෙ??"
Comments
Post a Comment