Skip to main content

ෆැක්ල්ටි කතා මාලාව - ඉක්ටා හිස්ට්‍රි ගත් හැටි



කතා නායකයා - ඉක්ටා යනු අහිංසක ලමයෙකි. තුන් හිතකින් කාටවත් හානියක් කරදරයක් කරන්නේ නැතිව තමන්ගේ පාඩුවේ හිඳින්නෙකි. පොඩි ටියුබ් ලයිට් ගතියක් නම් ඇත.


මේක වෙලා තියෙන්නේ third හරි fourth year ඉද්දි. ඉක්ටාගේ ගෲප් එකේ උන් මේ කතාව හොඳට දන්නවා.

VP සමරකෝන් සර් හැමෝම හොඳට දන්නවනේ. දැන් රිටයඩ්. හොඳ මනුස්සයා. මේක වෙලා තියෙන්නේ සර්ගේ ඇපොයින්ට්මන්ට් එක කරද්දි. සර් වාට්ටුවට ඇවිල්ලා වෝඩ් රවුන්ඩ් පටන් අරන් ඇඳකින් ඇඳකට යන ගමන් හැම පේෂන්ට්ගෙම ඒ අදාල ස්ටුඩන්ට්ගෙන් හිස්ට්‍රි අහ අහා යන්නේ. හැම පේෂන්ටම අයිතිකාරයෙක් ගෲප් එකේ ඉන්නවා.

එදා පලවෙනි බෙඩ් එකට ගිහින් සර් ඇහුවලු අර සුපුරුදු ප්‍රශ්නෙ. සර් කොහොමත් ටිකක් සද්දෙන් කතා කරන්නෙ.

"Who is the owner of this patient? "

බලනකොට ඉක්ටාගෙ. මූ ඉස්සරහට ආවලු. සර් ඊලඟ ප්‍රශ්නෙ අහලා.

" Ok tell me the history of this patient "

මූ හිස්ට්‍රිය අරන් නෑ. ශේප් එකේ කනට ඇහෙන්නෙ නැති ගානට සර්ට කීවලු හිස්ට්‍රිය ගන්න බැරි උනා කියලා. සර් ඉතින් වැඩිය බනින්නෙ කරන්නේ නැති නිසා වැඩිය මොනවත් කියන්නෙ නැතිව ඊලඟ ඇඳට ගියාලු. ඒ ඇඳ ලඟදිත් අර ප්‍රශ්නෙම ඇහුවලු. බලනකොට ඒ ලෙඩාත් ඉක්ටගෙ. මූ ඒකෙත් හිස්ට්‍රි අරන් නෑ. සර් බනින්නෙ නැතුවම යනවලු.

ඔහොම යනකොට මුට අයිති පේෂන්ට්ලා තව හතර පස් දෙනෙක් ඉඳලා, ඒ එක්කෙනෙක්ගෙ වත් හිස්ට්‍රි අරන් නෑ. පස්සෙ බැරිම තැන ලෙඩා මුගෙ කියලා දැනගත්තම සර් හිස්ට්‍රි ගත්තද කියලවත් අහන්නෙ නැතුව යනවලු.

එක පේෂන්ට් කෙනෙක් ගාවට ගිහින් සර් අයිතිකාරයාව ඇහුවම ඔන්න ආයෙත් ඉක්ටා ඉස්සරහට ආවලු. සර් මූව මග ඇරල යන්න හදද්දි මූ පැනලා කීවලු " Sir I have the history" කියලා.

සර්ත් "Ah you have the history, very good very good " කියලා මුට හිස්ට්‍රිය කියන්න කීවලු. මූත් උගුර පාදලා හිස්ට්‍රිය කියන්න පටන් ගත්තලු.

" This ..... yr old lady presented with fever for five days...."

සර් එක පාරට මැදින් පැනලා

"Fever? .."

" Yes sir , fever for five days"

සර් ඊට පස්සෙ ලෙඩාගෙ පැත්තට හැරිලා ලෙඩාගෙන් ඇහුවලු.

" මොනවා වෙලාද ආවෙ"

"පපුව රිදෙන්න අරන් සර්..." ලෙඩා කිව්වලු

" උණ එහෙම තිබ්බද? " සර් අහනවා

" අනේ නෑ සර්."

"පහුගිය දවස් දෙක තුනට උණ ගැනුනේ නැද්ද?"

"අනේ නෑ සර් , මට පහුගිය මාස හය හතටම උණ තිබිලා නෑ.. "

ඉක්ටට මේ වෙන්න යන විනාසෙ බලන් ඉන්න බැරි තැන මද්දට පැනලා නෝක්කාඩු විදියට මෙහෙම කිව්වලු...

" ඒ මේ දැන් මට කිව්වෙ උණ තියනවා කියලා... ? "

Comments

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මේ රට මගෙ රට

" මේ රට මගෙ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවු රට" මට සාමාන්‍යයෙන් දේශාභිමානී ගී දිරවන්නෙ නෑ...