Skip to main content

දරුණු වසංගත පාලනය කිරීමේ බිල් ගේට්ස් සංකල්පය




2013 වසරේ ආරම්භ වූ ebola වසංගතය බටහිර අප්‍රිකාවේ ගිනියා, සියරා ලියෝන් සහ ලයිබීරියා යන රටවල් වලට තදින් බලපෑවා..
2016 වන විට මරණ සංඛ්‍යාව 11000 ඉක්මවා තිබුණා.. මේ පිලිබඳව විද්‍යාත්මක සංකල්පයක් ඉදිරිපත් කරමින් ලෝක ප්‍රකට බිල් ගේට්ස් විසින් සිත් ඇදගන්නා සුලු අදහසක් ඉදිරිපත් කරනවා.

ඔහු පවසන ආකාරයට ලෝකයේ වාසනාවට ඉබෝලා වසංගතය දරුණු වසංගතයක් වුනේ නැහැ. එයට මූලිකම  හේතුව වුනේ එය පැතිරුණේ වාතය හරහා නොව දේහ තරල (රුධිරය, වමනය) හරහා වීමයි. අනෙක් වාසිය නම් එය පැතිර ගිය ස්වභාවය අනුව කෙනෙක් වයිරසය සම්ප්‍රේශණය කිරීමේ හැකියාව දරන අවස්ථාව වන විට දරුණු ලෙස රෝග ලක්ෂණ සහිතව බොහෝ විට ඇඳකට වී සිටීමට සිදු වෙනවා. එම නිසා එක් තැනකින් තවත් තැනකට වයිරසය සම්ප්‍රේෂණය අඩාල වෙනවා.. නමුත් වෙනත් වයිරස බොහොමයක් සම්ප්‍රේෂණ හැකියාව ඇති අවධිය වන විට වාහකයාට සාමාන්‍ය පරිදි රැකියාවට /පාසලට යෑමට හැකි වන සුලු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරනවා. යම් හේතුවකට එවැනි වයිරසයක් දරුණු වසංගත තත්වයක් දක්වා වර්ධනය වුවහොත් පාලනය කිරීම ස්වභාවිකව සිදු කල හැකි වන්නේ නෑ.  එම නිසා  අනාගතයේදී ලෝකය එවැනි දරුණු ගණයේ වසංගතයකට මුහුණ දීමට සූදානම් විය යුතු බවයි ඔහු පවසන්නේ. එම වසංගතය ස්වභාවිකව හටගන්නා දෙයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් (bio terrorism) වුවද විය හැකියි. නමුත් එවැන්නකට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු වග කිව යුතු කිසිදු ආයතනයක් හෝ සංවිධානයක් තවම සූදානම් නැති බවත් ඔහු චෝදනා කරනවා. කෙසේ හෝ මෙවැනි දරුණු ගෝලීය වසංගතයක් පාලනය කිරීම සඳහා ඔහු අපූරු සංකල්පයක් ඉදිරිපත් කරනවා.

සාමාන්‍යයෙන් රටක හෝ එක්සත් ජාතීන්, නේටෝව වැනි සංවිධාන තම රාජ්‍යයන්ගේ ආරක්ෂාව උදෙසා සෑම විටම සූදානමින් පසු වෙනවා. හදිසි ප්‍රහාරයක් ආක්‍රමණයක්, හෝ ස්වභාවික ආපදාවකදී පවා කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා හමුදා සේනාංක වෙන වෙනම සූදානම් කර තිබෙනවා. හදිසි ප්‍රතිචාර විධික්‍රම ඔවුන් සතුව තිබෙනවා. බිල් ගේට්ස් යෝජනා කරන්නේ වසංගත තත්වයක අවදානමක් පැන නගින අවස්ථාවේදීම ක්‍රියාත්මක වීම සඳහා හමුදාවක් වැනි ඒකකයක් ජාත්‍යාන්තර මට්ටමෙන් ස්ථාපිත කල යුතු බවයි. ඒ තුල වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්, විද්‍යාඥයින්, තාක්ෂණික ශිල්පීන් ආදී විවිධ ක්ශේත්‍ර වල පිරිස් අන්තර්ගත කල යුතු වෙනවා.  එම ඒකකය මගින් ලොව ඕනෑම රටක යම් අවදානම් තත්වයක් හට ගන්නා මුල් අවස්ථාවේදීම එය හඳුනා ගෙන අවශ්‍ය ප්‍රතිකාර, නිරෝධායන කටයුතු ඉක්මනින් කල යුතුයි. ඔහු යෝජනා කරන ආකෘතිය තුල හොඳ පුහුණුවක් සහිත ප්‍රමාණවත් පිරිසක් අත්‍යාවශ්‍ය වන අතර එම එම පිරිස මිලිටරිය සමග සම්බන්ධ වන යාන්ත්‍රණයක් සකස් කල යුතු වෙනවා. එයට හේතුව හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියා පටිපාටියට  අවශ්‍ය පහසුකම්, දැනුම සහ පිරිස් බලය දැනටමත් හමුදාව සතුව තිබෙන නිසායි. දැනට එවැනි ක්‍රම වේදයක් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන්නේ නැහැ. දැනට තිබෙන ක්‍රම වේදය තුල තාක්ෂණික කණ්ඩායම් අදාල වසංගතය තිබෙන රටට හෝ ප්‍රදේශයට පැමිණ අවශ්‍ය උපදේශනය පමණක් ලබාදෙන බවත් මෙහෙයුම් කටයුතු කිසිවක් සිදු නොකරන බවත් ඔහු සඳහන් කරනවා.. ලෝක සෞඛ්‍ය සංවිධානය වුවද සක්‍රිය ලෙස මෙහෙයුම් වලට මැදිහත් වීමක් කරන්නේ තත්ත්වය දරුණු වූ විට පමණි. නමුත් ලෝකය මුහුණ දෙන ඊලඟ වසංගතයකදී එලෙස ප්‍රමාද වී කටයුතු කිරීම අවාසි සහගත විය හැකියි.

ඉබෝලා වසංගතය මුලින්ම ඇති වුණේ ගිනියාවෙ එක්තරා කැලෑබද ගමක. අවුරුදු දෙකක කුඩා දරුවකුට වැලඳුණ රෝගය ඔහුගෙන් පවුලේ අයටත්, ඔවුන්ට ප්‍රතිකාර කල ගමේ ප්‍රජා සෞඛ්‍ය නිලධාරිනියටත් වශයෙන් පැතිර ගියා. ක්‍රමක්‍රමයෙන් නගර වලට පැතිරෙන විටයි මෙහි බැරෑරුම් ස්වභාවය බලධාරීන් තේරුම් ගත්තේ.. නමුත් ඒ වන විට වයිරස අසල රටවල් වලටත් පැතිර ගොස් අවසන්. වයිරසය මුලින්ම වැලඳුණ  කුඩා දරුවා වාසය කලේ  ගිනියාව, සියරා ලියෝන් සහ ලයිබීරියාව යන රටවල් තුනම මායිම් වන තැන තිබූ ගමකයි. ඒ නිසා ඉක්මනින් එම රටවල් තුනට රෝගය පැතිර ගියා. නමුත් ලෝක වාසීන්ගේ වාසනාවකට පෙර කියූ හේතු නිසා සහ වසංගත තත්වය මුලින්ම ඇතිවුනේ ජනගහනය එතරම් නොමැති ප්‍රදේශ වල නිසා වසංගතය එතරම් වේගයෙන් පැතිර ගියේ නෑ.. පමා වී හෝ පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබුවා. අනාගතයේ කවදා හෝ සම්ප්‍රේෂණ හැකියාව වඩා වැඩි වයිරසයක් විසින් (උදා - වාතය හරහා සම්ප්‍රේෂණය වන) නාගරික ප්‍රදේශයක ඇති වන වසංගත තත්වයකදී බිල් ගේට්ස් යෝජනා කරන ,අප හොලිවුඩ් චිත්‍රපට වල දකින ආකාරයේ හදිසි ප්‍රතිචාර හමුදාවක අවශ්‍යතාවය තදින්ම දැනේවි.

Comments

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මේ රට මගෙ රට

" මේ රට මගෙ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවු රට" මට සාමාන්‍යයෙන් දේශාභිමානී ගී දිරවන්නෙ නෑ...