කතා නායකයා -
ති.. හරි උනන්දු ලමයෙකි. විශේෂයෙන් ක්ලිනිකල් වලට උනන්දුය. සැම විටම ප්‍රශ්න
අසයි. කණ්ඩායමෙන් අසන ප්‍රශ්න වලට නිර්භීතව ඉදිරියට පැමිණ උත්තර දෙයි.
මේක උනේ අපි
රංජිත් ජයසේකර සර්ගෙ Surgery Appointment එක කරද්දි. සර් හරි නිවුණ මනුස්සයා. මාර
නීට්. නූලට වැඩ.
එදා ක්ලාස් එක
PR exam ගැන. සර්
මුලින්ම examination techniques කියලා දුන්නා.
ඊට පස්සෙ PR examination කරන්නේ ඇයි,
කරලා මොනවද බලන්නේ ,
interpret කරන්නේ කොහොමද
වගේ ඒවා කියලා දුන්නා. PR කරද්දි මොන
මොනවද බලන්නේ කියලා සර් ටිකක් වැඩි පුර පැහැදිලි කලා. ඒ කලේ අපෙන්ම ප්‍රශ්න අහන
ගමන්. What do you look for? වගේ ප්‍රශ්න
තමයි ඇහුවෙ. ඉතින් එක එක්කෙනා උත්තර දෙනවා. දෙන දෙන උත්තරේ අනුව සර් ඒවා පැහැදිලි
කරනවා. උදා හරණයකට අපේ කවුරුහරි growth කියලා කීවොත් සර් ඒක පැහැදිලි කරනවා. ඔහොම එක එක
පොයින්ට්ස් කියලා දිදී සර් තව තව අහනවා... what else ? What else?? කිය කිය. අපිත් පොඩි පොඩි පොයින්ට්ස් පවා කියනවා. ඒත්
සර් එකක් ඔලුවෙ තියාගෙන ඒ පොයින්ට් එක අපි
කියනකම් what else කියලා එක
එකාගෙන් අහනවා.
අපේ උත්තර
ඔක්කොම ඉවරවුනා. දැන් කියන්න එකක් නෑ. හැමෝම උඩ බිම බලනවා. උත්තරයක් මතක් වෙන්නෙම
නෑ. ඔන්න එතකොටම ති.. අපේ ගැලවුම් කාරයා ඉදිරියට ආවා. පොර පැනලා උත්තරයක්
දුන්නා...
" Smell it? "
වැඩිය හිනා
වෙන්නේ නැති රංජිත් සර් සෑහෙන වෙලාවක් යනකම් බඩ අල්ලගෙන හිනා උනා.
Comments
Post a Comment