Skip to main content

මේ රට මගෙ රට



"මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මවු රට"

මට සාමාන්‍යයෙන් දේශාභිමානී ගී දිරවන්නෙ නෑ...
ඒත් කවුරුහරි මගෙන් ඇහුවොත් කැමතිම දේශාභිමානී ගීය මොකක්ද කියලා, මම දෙන උත්තරේ තමා මෙන්න මේක. ලියපු කෙනා නම් දන්නෙ නෑ.. සිංහයො ගැනවත්, හෙළයක් ගැනවත්, අපි මුලු ලෝකෙම යටත් කරන් හිටියා වගේ කතාවත්, සටන්කරපුවා ගැනවත් නැතුව රටේ සාමාන්‍ය කෙනෙක් කියන අහිංසක කතාවක්.

රට ගැන තියන නිවැරදි ආදරය, ජාතිකත්වය සම්බන්ධයෙන් මම කැමති අදහසක් මේ සින්දුවෙ දෙනවා..

"මේ රට මගෙ රට" - අපේ රට , සිංහල අපගෙ රට වගේ කණ්ඩායමකට අයිති රටක් ගැන නෙමේ මෙතන කියන්නෙ. මාමකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නගින්නෙම මෙහෙම කණ්ඩායමකට රට බූදල් කරන්න ගියාම. ඒ වෙනුවට මේ ගීතයෙ කියන්නෙ මේක " මගේ " රට කියලා. හැමෝම තම තමන් තනි තනි ජීවියො විදියට දේවල් බාර ගන්න පුරුදු වෙනව නම් එදාට සමාජයෙ ගැටළු, ගැටුම් අඩු වෙයි. අපි කණ්ඩායමක් විදියට රටට හෝ ඒ වගේ විශාල දේකට අයිතිවාසිකම් කියන්න ගියාම, ආදරය කරන්න ගියාම හැම තිස්සෙම එතන නිර්මාණය වෙන්නෙ ව්‍යාජ තියරියක්. හදවතට නොදැනෙන වෙන කිසිවකුන් හෝ විසින් නිර්මාණය කරපු ඉලක්කයක් වෙනුවෙන් අපි තම තමන්ව රවටාගෙන කණ්ඩායම් ගත වෙනවා.. හැබැයි තමාටය තමාගේය කියලා ආත්මාර්ථයෙන් දෙයක් ගන්නවා නම් එතන ඇති වෙන්නෙම අවංක , හදවතින් එන හැඟීමක්.

අපි ජාතියක් විදියට හෝ ආගමක් විදියට අපේ රට රකිනවා වෙනුවට මගේ රටේ පුරවැසියෙක් විදියට මගේ රටට මගෙන් හානියක් වෙන්න නොදී ඉන්න උත්සාහ කරනව නම් ඒ ඇති.

Comments

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.