කතා නායකයා -
පොලඟා බැච් එකේ පරිණතම කෙනාය. බොහොම පැසුණු බුද්ධියක්
තියෙන ඇසූ පිරූ තැන් ඇති අයෙකි. බැච් එකේ ඕනෑම කෙනෙකුට කරදරයක් ප්‍රශ්නයක් වූ විට දුවන්නේ පොලඟා සොයාගෙනය. වේලාසන නිදයි, වේලාසන අවදි වෙයි. ට්‍රිප් සංවිධානය කිරීමෙහි ඉමහත් සමත් කම් දක්වයි.
තියෙන ඇසූ පිරූ තැන් ඇති අයෙකි. බැච් එකේ ඕනෑම කෙනෙකුට කරදරයක් ප්‍රශ්නයක් වූ විට දුවන්නේ පොලඟා සොයාගෙනය. වේලාසන නිදයි, වේලාසන අවදි වෙයි. ට්‍රිප් සංවිධානය කිරීමෙහි ඉමහත් සමත් කම් දක්වයි.
කතාව -
මේක සිද්දවුණේ
ෆැකල්ටියේ දෙවෙනි වසරේ ඉද්දි. ෆැකල්ටි ආව මුල් කාලෙ අපිට පුද්ගලික හෝ වෙන මොකක්
හරි ලියුමක් එනකොට ඇඩ්‍රස් විදියට දීලා තිබ්බේ අහල පහල බෝඩිමක ඇඩ්‍රස් එකක්. ගොඩක්
වෙලාවට එහෙම දුන්නේ තමරයා හිටපු බෝඩිමේ ඇඩ්‍රස් එක.
පොලඟත් එහෙම
ඇඩ්‍රස් එකක් තමරයගෙ බෝඩිමට එන්න හදාගෙන. පාර්සලයක් මට මතක විදියට. දවසක් තමරයා මට
හම්බ වෙලා කීවා මචං අන්න පොලඟගෙ පාර්සලයක් මගේ බෝඩිමට ඇවිත් තියනවා උට ඒක පොඩ්ඩක්
මතක් කරපන් කියලා. මමත් හා කියලා ආවා. පණිවිඩේ කිව්වෙ කොහොම හරි හවස. මට පොඩි ආතල්
එකක් ගිහින් මට හම්බෙන හම්බෙන හැම එකාටම වෙන වෙනම කිව්වා "මචං පොලඟට පොඩි
පණිවිඩයක් කියපන් තමරයා කිව්වා උගේ ලියුම ඇවිත්, ගිහින් ගන්න කියලා " කියපල්ලා කියලා.
දැන් ඉතින්
හැම එකාම පොලඟට ඔය පණිවිඩේ කියනවා. ඌ නාන්න බාත් රූම් ගියත්, සෙල්ලම් කරන්න
පිට්ටනියට ගියත්, කැන්ටිමට
ගියත් හම්බෙන හම්බෙන එකා එකම පණිවිඩේ මුට කියනවා. ඒ තියා අපේ උන් කාමරේටත් ගිහින්
කියනවා. එන්න එන්න මුට මල පනිනවා. " ඒ පොලඟා... " කියලා පටන්
ගන්නකොටම " හරි හරි.. #&$&# !!" කියලා මූ බැනලා එලව
ගන්නවා. ඒ ආතල් එක ගන්නම අපේ උන් ආයෙ ආයෙ ඇවිත් ඒකම කියනවා. සමහර උන් වෙන ඒවා කතා
කර කර ඉඳලා "ඒක නෙමෙයි පොලඟා අර තමරයාගේ පණිවිඩේ හම්බුනාද ... " කියලා
ආයෙ අරකම කියලා මූව අවුස්සනවා.
කොහොමහරි අපි
එදා හවස් වරුවම මුගෙන් ආතල් එක ගන්න එක තමා කලේ. අපේ හැම එකාම අන්තිමේට උට පණිවිඩේ
කියලා තිබුණා. බේරෙන්නම බැරිතැන මූ දොරත් ලොක් කරගෙන රෑ නමයට විතර නිදාගන්න ගියා.
මූ කොහොමත් කලින් නිදාගෙන උදේම ඇහැරෙන එකා.
ඔහොම ඉන්නකොට
රෑ එකොලහට විතර ෆැකල්ටියට පාඩම් කරන්න ගිහින් හිටපු "වලවෙයා " (අනුරාධ)
හොස්ටල් බ්ලොක් එකට එනවා. මූ ලියුමෙ සීන් එක දන්නේ නෑ. බ්ලොක් එකට එන්ටර් වෙන
තැනදිම මූට එකෙක් ලණුව දීලා. " මචං යනගමන් පොලඟට පණිවිඩයක් දීගෙන පලයන්ංකො
තමරයා කිව්වා ලියුමක් ඇවිත් තියනවා හෙට උදේම ගනින් කියලා. මොකක් හරි හදිසි සීන්
එකක්. ඕකා ඇහැරිලා හිටියේ යනගමන් කියාගෙන පලයන්කො " කියලා.
එහෙම කියලා
අනිත් උන් ආතල් එක ගන්න හොරෙන්ම අහන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඇහුණ දෙබස මෙන්න
මේ වගේ..
" පොලඟා...
පොලඟා... " (දොරට ගසන ශබ්ධය)
නිශ්ශබ්දතාවය
" පොලඟා...
නිදිද? පොලඟා....
"
" ම්ම්ම්... ඇයි
බං " ( නින්දෙන් අවදිවූ පොලඟා නිදිමරගාතේ අහනවා )
" නෑ මේ
තමරය"..
ඊලඟට පොලඟා
කියපු ටික මම මෙතන නොදා ඉන්නම්.
Comments
Post a Comment