මේ දවස් වල කස්ටමර් සර්විස් ගැන ලියන නිසා මේ කතාවත් මතක් වුනේ. මේක ටිකක් කාලෙකට කලින් සිද්ධ වුන දෙයක්.
දවසක් කොණ්ඩෙ
කපා ගන්න ගියා.
සැලුන් එක ඒ සී එහෙම කරලා තිබ්බ එකක්. ඒ වුනාට බෆල් දෙකකින් ශා එෆ්
එම් දාලා තිබ්බා සද්දෙට. සැලුන් එක ඇතුල පාටිෂන් කරලා තිබ්බෙ. කොන්ඩෙ කපන ඒරියා එක
වෙනම කපන්න ඉන්න අය ඉඳගෙන ඉන්න ඒරියා එක වෙනම. කපන ඒරියා එකට ඇතුලු වෙන තැන තමා මේ
උපදෙස ගහලා තිබ්බෙ. මම ඇරෙන්න තව එක්කෙනෙක් හිටියා කපන්න බලාගෙන. එක්කෙනෙක්ගෙ ඇතුලෙ කපනවා. මට එදා වෙන වැඩකුත් දාගෙන හිටපු
නිසා මට පැයකින් වගේ කාලෙකින් කොන්ඩෙ කපන් යන්න අවශ්‍යතාවය තිබ්බෙ.
"තව ගොඩක් වෙලා
යයිද දන් නෑ නේද?"
මම දොරේ
කර්ටන් එක පොඩ්ඩක් එහාට කරලා ටිකක් යටහත් පහත් විදියට ඇහුවා.
සැලූන් එකේ
කෙනා කොන්ඩෙ කපන එක නවත්තලා මං දිහා බැලුවා.
" ඔයාට හදිසි
නම් කෝස් එක කරන්න අමාරුයි මල්ලි. " ටෝන් එක බොහොම තද එකක්
වුනේ මොකක්ද
කියලා හිතාගන්න බැරුව මම ආපහු ඉඳගත්තා. මූ සිරා ප්‍රොෆෙශනල් පොරක් වෙන්න ඇති. ඒකයි
මෙහෙම රූල්ස් වලට වැඩ කරනවා ඇත්තෙ. මට හිතුනා. මම ටික වෙලාවක් එහෙමම හිටියා. වැඩේ
කෙරෙන පාටක් නෑ. එකත් එකටම මූ ඇපොයින්ට්මන්ට් වලට වැඩේ කරනවා ඇති. හෙට ඇපොයින්‍මන්ට්
එකක් දාගත්ත නම් මට පොෂ් පිට ඇවිත් කොණ්ඩෙ කපා ගන්න පුලුවන්. එහෙම හිතුවත්
ඇපොයින්මන්ට් එකක් දාගන්නත් මේකා එක්ක කතා කරන්නෙ කොහොමද. එලියට එන පාටකුත් නෑ. මේ
කියලා තියන හැටියට කතා කරන එක නෙමේ පුටුවෙන් නැගිටින එකත් වෙඩි කන වැඩක් වගේ. අර
මට කලින් පෝලිමේ ඉන්න එකා නම් සීන් එක දැනගෙනද කොහෙද ජොබ් ඉන්ටවිව් එකකට පෝලිමෙ
ඉන්න එකෙක් ගානට විනීතව ඉන්නවා. මට පරක්කුත්
වෙනවා. මං හෙනටම ස්ට්‍රෙස් දැන්. මම හිත තද කරගෙන දහිරිය අරගෙන ආයෙම කර්ටන් එකෙන්
එබුණා. පොර මාව දැකලා කොණ්ඩෙ කපන එක නවත්තලා කතුරෙන් ටක ටක ගාලා හුළං කපන්න ගත්තා.
" මේ හෙට හවස
හතරට ඇපොයින්මන්ට් එකක් දාගන්න බැරි වෙයිද දන් නෑ නේද? "
"මේ මල්ලි,
(කතුර - ටක ටක) ඇපොයින්මන්ට් දානවා දාන උන් එන්නෙ නෑ, (ටක ටක) දාන්නෙ නැති
උන් ඇවිත් කපනවා (ටක ටක) , මෙතනට ඇවිත්
ඇපොයින්මන්ට් දානවා, ආයෙ
යනවා. (ටක ටක ටක ටක ටක ටක.) ......"
මට ඒ කතුරු
සද්දෙ තාම ඇහෙනවා ඇහෙනවා වගේ ..
Comments
Post a Comment