මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සටනක් ගෙන යන ඕනෑම කෙනෙක් අවබෝධ කර
ගත යුතු කරුණු තුනක් තිබේ.
1. ලොව හොඳ මත්ද්‍රව්‍ය
නරක මත්ද්‍රව්‍ය කියා දෙවර්ගයක් නැත. ඇත්තේ කෙනෙක් මත්වීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්
සමග ඇතිකර ගන්නා හිතකර සහ අහිතකර
සම්බන්ධතා දෙවර්ගයක් පමණි.
2. යමෙක් මත්ද්‍රව්‍යයක්
සමග අහිතකර සම්බන්ධතාවක් ඇතිකර ගැනීම පිටුපස සැඟවුණු කාරනා බොහොමයක් තිබිය හැක. එය
හුදෙක් නීති රාමුව තුල හෝ සෞඛ්‍යමය කරුණු අනුව විග්‍රහ කල නොහැක. ඔබ හා මම කන,බොන දෑ, අඳින පළඳින දෑ,
කරන රැකියාව, ලබා ඇති අධ්‍යාපනය
ආදිය සරල රාමුවක් තුල විස්තර කල නොහැක්කා සේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක්ගේ ඒ
පුරුද්දද සරලව විස්තර කල නොහැක.
3. ලොව කිසිදු
මත්ද්‍රව්‍යයක් සහමුලින්ම විනාශ කල නොහැක.
මේ කරුණු වටහා
නොගන්නා කිසිදු සටනකින් මත්ද්‍රව්‍ය සමග බැඳුනු සමාජ, සෞඛ්‍ය ගැටළු වලට විසඳුම් නොලැබෙනු ඇත.
👍👍
ReplyDelete