Skip to main content

ඩෙංගු අත් පත්‍රිකාව


ඔබෙන් තව කෙනෙකුට ඩෙංගු බෝ නොකිරීමේ ජාතික වගකීම ඔබත් ඉටු කරන්න!


ඩෙංගු බෝකරන්නේ මදුරුවා පමණක් නොවේ. මදුරුවාට ඩෙංගු සම්ප්‍රේෂණය කරන්නේ ද තවත් රෝගියෙක් විසිනි. නිසා ඔබටත් යම් දිනක ඩෙංගු රෝගය වැළඳුනහොත් ඔබෙන් තව කෙනෙකුට ඩෙංගු සම්ප්‍රේෂණය නොකිරීමේ උදාරතර ජාතික වගකීම ඔබ සතුය. පහත උපදෙස් පිලිපැදීමෙන් ඔබටත් ඒ වගකීම ඉටු කල හැක.


·     ඔබ සිටින්නේ ඩෙංගු බහුල ප්‍රදේශයක නම් හෝ ඔබේ අසල් වැසියෙක්ට ළඟකදී ඩෙංගු වැළඳී සිටියා නම්,  ඔබටත් උණ ලක්‍ෂණ පහල උනොත් එය ඩෙංගු වීමේ වැඩි හැකියාවක් ඇත 

·     ඔබට වයිරසය ශරීර ගත වී එය තවත් කෙනෙක්ට බෝ කල හැකි මට්ටමට වර්ධනය වූ විට මෙම උණ ලක්ෂණය ඔබට පෙන්නුම් කරනු ඇති.

·     එසේ උණ මතු වූ මොහොතේ සිට ඔබට මදුරුවන් දෂ්ට කිරීමෙන් වැලකීම සඳහා මදුරුදැල් , විකර්ෂක භාවිතා කරන්න.

·     වෛද්‍යවරයෙක් හමුවීමට  සහ රුධිර පරීක්ෂණ කිරීමට හැර අන් සියලු අවස්ථා වලදී නිවාස තුලට වී පැය 24 ම මදුරු දැලක් තුලට වී විවේකීව සිටින්න. ඉවතට යන සෑම අවස්ථාවකම මදුරු විකර්ෂක (repellents) ආලේප කරන්න.

·     ඩෙංගු බවට සැක කලත් වෛද්‍යවරුන් විසින් ඔබට නිවසේ සිට කරන ප්‍රතිකාර නිර්දේශ කළහොත් ඒ සිටින කාලය තුලදී ද ඉහත උපදෙස් පිළිපදින්න.
·     රෝහල තුල සිටින විටද පැය 24 ම මදුරුදැල් තුල සිටින්න.

·     මෙලෙස අවම වශයෙන් දවස් 5ක කාලයක් මදුරුදැල් තුලට වී සිටීම අවශ්‍යය.

·     ඒ කාලය තුල ඔබේ නිවෙස් අවට මදුරුවන් බෝවන තැන් පරික්ෂා කර ඒවා විනාශ කිරීමට පියවර ගන්න. ඒ අතර නිවසට මදුරුවන් ඇතුළු වීම වලක්වන සියලුම ක්‍රම යොදාගන්න. ( ජනෙල්, වා කවුළු දැල් වලින් ආවරණය කිරීම වැනි )

·     ඔබේ පවුලේ අයට සහ අසල්වැසියන්ටද ඔබට සේ ඩෙංගු රෝගය මතුවීමේ සහ ඔවුන්ගෙන් අනිත් අයට නැවත බෝ වීමේ අවධානමක් තිබෙන නිසා රෝගලක්ෂණ මතුවන විටම ඔබ අනුගමනය උපදෙස් පිළිපදින ලෙස ඔවුන්ටද දැනුම් දෙන්න. ඔවුන්වද හැකිතාක් මදුරු දෂ්ට කිරීමෙන් වලක්වන්න.

·     ඩෙංගු ඇතත් නැතත් දැනට කරගෙන යන පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු දිගටම කරගෙන යන්න.
·     හැකි ඉක්මනින් ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ඒ බව දැනුවත් කර ධුමායනය වැනි මදුරු මර්දන කටයුතු සඳහා සහයෝගය ලබාගන්න.

මෙලෙස මේ ක්‍රියාන්විතයට හවුල් වීමෙන් ඩෙංගු රටෙන්ම  තුරන් කිරීමට ඔබටත් දායක විය හැක. ඔබේ ජාතික වගකීම ඉටු කරන්න.


Comments

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මේ රට මගෙ රට

" මේ රට මගෙ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවු රට" මට සාමාන්‍යයෙන් දේශාභිමානී ගී දිරවන්නෙ නෑ...