මැල්සිරිපුර
වෙළඳ සැලක්. ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන
මගෙ ෆෝන් එකේ
හෑන්ඩ්ස් ෆ්‍රී එක කැඩිලා නිසා අලුතෙන් එකක් ගන්න පුලුවන්ද බලන්න නිකමට ගිහින්
ඇහුවා.
හෑන්ඩ්ස් ෆී
නම් අපි ගාව නෑ කිව්වා.
ඉයර් ෆෝන් වත්
නැද්ද? - මම ඇහුවා
නෑ ඒවත් නෑ...
මම ආපහු
හැරිලා මගක් එනකොට "ආ පොඩ්ඩක් ඉන්නකො " කියනවා ඇහුණා.
ආපහු යනකොට
කඩේ කෙනා මොනවද පෙට්ටි වගයක් ඇදලා අලුත් හෑන්ඩ්ස්ෆ්‍රී එකක් ඇදලා දුන්නා.
"මේක පොඩ්ඩක් බලන්න"
බඩු
වැඩ.! තිබ්බ එකටත් වඩා හොඳයි. මට හෙන
හැපි.
මේකට කීයක්
වෙනවද? මම පර්ස් එක
ඇද්දා....
සල්ලි එපා
අනේ.. මේක මම කලින් ගත්ත ෆෝන් එකක එකක්. මම පාවිච්චි කරලා නෑ.
කොච්චර
පෙරැත්ත කලත් සල්ලි ගත්තෙ නෑ...
ඔන්න කස්ටමර්
සර්විස්.. !!
Comments
Post a Comment