Skip to main content

දිශානතිය




දවසක් මම සේවය කරන ප්‍රදේශයේ පාසලක 9,10,11 ශ්‍රේණි වල සිසුන්ට නවයොවුන් විය හා ප්‍රජනක සෞඛ්‍යය ගැන දේශනයක් කරන්න ගියා.
ඒ දේශනය සකස් කරලා තිබුනේ අදියර දෙකකින්. පලමු අදියරේදී ප්‍රජනක සෞඛ්‍යය ගැන කරුණු පැහැදිලි කරලා දෙවන අදියරේදි නව යොවුන් වියේදී මුහුණ දෙන අභියෝග සහ ඒවාට මුහුණ දෙන ආකාරය ගැන පොඩි motivational speech එකක් (තෙලක් දුන්නා)  දේශනය අවසානෙ ප්‍රශ්න තියන ඒවා කොල කෑල්ලක ලියලා එවන්න කියලා උපදෙස් දුන්නා. ප්‍රශ්න ලියන අයව highlight වෙන එක වලක්වන්න හැමෝටම කොල කෑල්ල ගානෙ දීලා මොනවාමහරි ලියලා එවන එක අනිවාර්යය කලා.

දේශනය හොඳට ගියා. Power point මගින් තමයි දේශනය සකස් කරලා තිබුනේ. දෙවෙනි අදියර වඩා හොඳට තිබුනා. මම තෙල ගහන වැඩේට දස්සයා නිසා ඒ වැඩේ ලේසි උනා. නව යොවුන් වියේදි ඔවුන් මුහුණ දෙන අභියෝගයි, ජීවිතය සාර්ථක කරගන්න නව යොවුන් විය නිවැරදිව යොදා ගන්නෙ කොහොමද කියලා හොඳට පැහැදිලි කරලා දුන්නා. මේ නව යොවුන් වියේදී වැඩ කරන විදියෙන් ජීවිතයේ "දිශානතිය" තීරණය වෙනවා කියලා මම අවධාරණය කලා. කට්ටියට තෙල වැදුන බව මට මූණු වලින් පෙනුනා.

පැය දෙකක විතර දේශනයකින් පස්සෙ ප්‍රශ්න ටික එකතු කලා. නොයෙක් නොයෙක් වැඩි දෙනක් අහලා තිබුණේ එකම ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙ දැක්කම මාව කරකවලා අතඇරියා වගේ උනා..  ඒ ප්‍රශ්නෙ තමයි....
.
.
.
.
.
.
මොකක්ද ඩොක්ටර් "දිශානතිය" කියන්නේ??

Comments

  1. දෙයියෝ සාක්කි.. අර පැය ගානම අපරාදේ කියලා හිතුනද Doc?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මේ රට මගෙ රට

" මේ රට මගෙ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවු රට" මට සාමාන්‍යයෙන් දේශාභිමානී ගී දිරවන්නෙ නෑ...