හාමුදුරුවො
සාමනේර කාලේ ලොකුහාමුදුරුවරු 59 දෙනෙක් එක්ක
වැඩියලු දානෙකට. දැන් දානෙ පිලිගන්වන තැන පෝලිමට ඉන්නෙ අන්තිමට කුන්කුනාවේ
හාමුදුරුවෝ ඉන්න විදියටලු. දැන් දානෙ පිලිගන්වන්න පටන්ගත්තලු.
මුලින්ම බත්.
ඊලඟට තියනවලු ගම්බිත්තර තම්බලා. දැන් කාලෙ වගේ නෙමේනෙ ඒ කාලෙ බ්‍රොයිලර් තිබුනෙ
නෑනෙ. දැන් මේකෙ අනිවා මියගියපු ප්‍රාණියෙක් ඉන්නවනෙ. මුලින්ම ඉන්න නායක
හාමුදුරුවෝ අතින් පාත්‍රය වහලා එපා කීවලු. දැන් ඊළඟට ඉන්න හාමුදුරුවොත් කැමැත්ත
තිබුනත් නායක හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු නිසා එපා කීවලු. දැන් ඔහොම ගිහින්
කුන්කුනාවේ හාමුදුරුවොගාවට ආවලු. ඉන්න එකම සාමනේර. උන්නාන්සෙ මොකුත් කියන්නෙ නැතුව
බිත්ත්රය අරගෙන දැම්මලු පඩික්කමට.
දාලා කීවලු
ඔන්න ඔය ඉතිරි බිත්තර 59 දැම්මනම් මගෙ
පාත්තරේට. දැන් උන්නාන්සෙ බිත්තර 59කුයි බතුයි වළඳනවලු.
කට්ටියම වළඳලා
ඉවර උනාම නායක හාමුදුරුවෝ හෙමීට කිට්ටු වෙලා අහනවලු
මොකක්ද සාමනේර අර කරපු කැතවැඩේ... ප්‍රාණියෙක්
ඉන්න බිත්තර 59ක් කාලා පවු
පුරව ගත්තානේ.. කියලා
සාමනේරත්
ගත්කටටම කීවලු මම වැලඳුවෙ ත්‍රිකෝටික ශුද්ධ මාංසයක් කියල.
එහෙම කොහොමද
වෙන්නෙ කියල ලොකු හාමුදුරුවෝ තදවෙලා ඇහුවලු.
"ඉතින්
හාමුදුරුවනේ බුදුබණේ තියෙන්නෙ මසක් කන්න නම් ඒක තමුන් මරන්නත් බෑ, තමුන් මරවන්නත් බෑ,
තමුන් වෙනුවෙන්
මරන්නත් බෑ කියලානේ"
ඔවු ඉතින්
ඉතින්
"ඉතින් අපෙ
හාන්දුරුවනේ ඔය බිත්තර මම තැම්බුවෙත් නෑ, මම කියල තැම්බුවෙත් නෑ, මම වෙනුවෙන්
තැම්බුවෙත් නෑනෙ. "
ඇයි නැත්තෙ
තමුන් වෙනුවෙන් තමයි තැම්බුවෙ?
"ආං තියනවා මං
වෙනුවෙන් තම්බපු බිත්තරේ අර පඩික්කමේ... මම වැලඳුවෙ ඔබ වහන්සේලාට තම්බපු බිත්තර
ටික. ඉතින් මට පවු කොයින්ද? "
🙃🙃🤔🤔😃😃😃
ReplyDelete